මේ යුගයේ සෑම ක්ෂේත්‍රයක් තුළම ඉංග්‍රීසි භාෂාවේ අවශ්‍යතාවය හා වැදගත්කම අපි කවුරුත් දනිමු. මෙම භාෂාව නිවැරදිව හා ක්‍රමානුකූලව ඉගෙනීම හා ඉගැන්වීම ඉතා වැදගත් සේ සලකමි. ඉංග්‍රීසි භාෂාව ගැන හසල දැනුමක් ඇති දක්ෂයින් සිටියත් තමා දන්නා ක්‍රමවේදයන් ඉගැන්වීමට ඇති හැකියාව පිහිටා ඇත්තේ අල්පයකට පමණි. මෙම ග්‍රන්ථයේ ඉතා සරල හා ක්‍රමානුකූල ක්‍රමවේදයකට ඉංග්‍රීසි හෝඩියේ සිට ව්‍යාකරණ මට්ටම දක්වා සැමටම හැදෑරීමට පහසු අන්දමින් පාඩම් ඉදිරිපත් කිරීමට මයිකල් ආන්ජලෝ මහතා දක්ෂ වී ඇත. ඉංග්‍රීසි භාෂාව අගය කරන, එම භාෂාවට ආදරය කරන කතුවරයෙකු වශයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනුමට ඇල්මක් දක්වන කාහටත් ප්‍රයෝජනවත් ආකාරයට රචිත මෙම ග්‍රන්ථය සැමට වටිනා අත්වැලක් වනු නොඅනුමානය.
නිවැරදි ඉංග්‍රීසි භාවිතයට ඉංග්‍රීසි ව්‍යාකරණ අත්‍යාවශ්‍යමය. බොහෝ ඉංග්‍රීසි ව්‍යාකරණ පොත්වල රීති විස්තර කෙරෙන්නේ ඉංග්‍රීසියෙන්ම නිසා, බොහෝ දෙනෙකුට ඒවා පහසුවෙන් තේරුම් ගැනීම අපහසු වී ඇත. ඉතා සරල සිංහලෙන් ඉංග්‍රීසි රීති පැහැදිලි කර දීම මයිකල් ආන්ජලෝගේ පොත් වල කැපී පෙනෙන විශේෂත්වයකි. සිසුන්ට මෙන්ම වැඩිහිටියන්ටද මෙම පොත ඉතා ප්‍රයෝජනවත් මෙවලමක් වනු නොඅනුමානය.

