පෝලිම පෝලිම පෝලිම කොතැන ගියත් අද පෝලිම මේ යුගයේ පහළ වෙච්ච මහානර්ඝ දේ පෝලිම
ටිකට් ගන්නකොට පෝලිම බහින්න ගිය තැන පෝලිම දුම්රිය බස්රිය කොයිකෙත් නැගුමට බැස්මට පෝලිම
සමුපකාරෙදි පෝලිම ස නො සේ මහ දිග පෝලිම ළමයි හම්බවෙන්න ගිහින් ඉස්පිරිතාලෙත් පෝලිම
කඩදහි ගැනුමට පෝලිම ඒක ලියන්නට පෝලිම කසාදයක් බඳින්න ගියවිට කච්චේරියෙ පෝලිම
ඒ අය ඇතිකළ පෝලිම අපි නැතිකරනව පෝලිම කිව්වත් වේදිකාවලදි ඡන්දය දෙන්නත් පෝලිම
උපදිනවිට ඇති පෝලිම කසාදයට ඇති පෝලිම ඊළඟ රජයෙන් ඉල්ලමු මැරෙන්න යන්නත් පෝලිම



