Sale!

ගණිත විනෝදය – Ganitha winodaya

Original price was: රු250.00.Current price is: රු200.00.

4-5 ශ්‍රේණි සඳහා චන්ද්‍ර වික්‍රමාරච්චි

පරිසරයේ සුන්දරත්වය තුළින් ඉගෙනුම් ක්‍රියාවලියේදී බුද්ධිමය සංකල්පනා අවදි වෙයි. මෙහිදී පිබිදෙන ළමා මනස නව අත්දැකීම් වෙත හොඳින් සමීප වෙයි. එහි සංඛ්‍යාත්මක විග්‍රහයක යෙදෙන ගණිතය විශ්ව භාෂාවකි.

එදිනෙදා ජීවිතයට අදාළ වන සේ පරිසරය අත්විඳිමින් දරුවා පැහැදිලිව ගණිත විෂය හඳුනා ගනියි. පන්ති කාමරයේදී ගණිතය මූර්තිමත් නොවන නිසා දරුවාට එය නීරස විෂයක් බවට පත්වෙයි. එහෙත් මෙම පොත මගින් ළමා සිතට ගණිතය සිය ජීවිතයේම විසිතුරු පැති කඩක් ලෙස දැකීමට හුරු කරවයි.

මෙම ග්‍රන්ථය සකස් කරන චන්ද්‍ර වික්‍රමාරච්චි මහත්මිය ගණිතය පිළිබඳ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල අත්දැකීම් ඇති එම විෂය සම්බන්ධ විශේෂඥයෙකි. ඇයගේ සරල සුගම බස් වහර නිසා මෙම ග්‍රන්ථය තව තවත් ඔපවත් වෙයි. සිසු දරුවන්ට පමණක් නොව ගුරු මහත්ම මහත්මීන්ගේ පරිශීලනයටද මෙය මහඟු අත්වැලකි. තව තවත් මෙවැනි ග්‍රන්ථ චන්ද්‍ර වික්‍රමාරච්චි මහත්මිය ගෙන් පාඨකයා බලාපොරොත්තු වනු ඇතැයි සිතමි.

Out of stock

Out of stock

SKU: 10370194-1 Category: Brand:
Shopping Cart
Scroll to Top