THOMAS HARDY
MAYOR OF CASTERBRIDGE
මයිකල් හෙන්චාඩ් තිරිඟු යායන්හි පිදුරු මිටි බඳින්නෙකි. දිනක් ඔහු බීමතින් සුසෑන් නම් වූ තම තරුණ බිරිඳ සහ සිඟිති දියණිය වෙළඳ කුඩාරමකදී වෙන්දේසි කරයි. ඇයව නැවියෙක් මිලදී ගනියි. දැඩි සිත් වේදනාවෙන් මංගල මුදුව ගලවා විසිකළ සුසෑන් නැවියා සමග යයි.
පසු දින පියවි සිහිය ලද හෙන්චාඩ් තමා කළ දේ ගැන පසුතැවිලිව ඇයව සෙවීමට දස දෙස යමින් ඉහමත් ප්රයත්නයක යෙදෙයි.
විසි වසරකට පසු සුසෑන් ද යොවුන් වියට පත් දියණිය සමග නැවත හෙන්චාඩ්ව සොයයි.
මෙසේ විසි වසරක් තුළ ඔවුන් දෙදෙනාගේ එකිනෙකා සෙවීමේ චාරිකාවේ චමත්කාර සිදුවීම් වලින් වර්ණවත් වූ මෙම නව කතාව තෝමස් හාඩි නම් වූ ශ්‍රේෂ්ඨ ගත්කරුවගේ නිර්මාණයකි.
“The Mayor of Casterbridge” නම් වූ මෙම ලෝක පූජිත නවකතාව ලාංකික සාහිත්‍ය රසයට උචිත සරල බස් වහරෙන් “තිරිඟු යායේ ගීතය” නමින් මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු විසින් සංක්ෂිප්තව සිංහලට පරිවර්තනය කරනු ලැබ ඇත.


