⭕ දරුවන් නොමැති ඇතැම් දෙමව්පියන් අන් අයෙකුගේ දරුවෙකු නීත්‍යානුකූලව ලබාගෙන තමන්ගේම දරුවෙකු ලෙස ආදරයෙන් හදාවඩා ගැනීම සැබැවින්ම උතුම්වූ සද්කාරයකි. එහෙත් එවැනි දරුවෙකු හදාවඩා ගැනීමේදී මතුවිය හැකි ගැටළු බොහෝමයකට එම දරුවන්ගේ පසුබිම ( පැටිකිරිය ) බලපාන බව බොහෝ මව්පියන් නොදන්නා හෙයින් පවුලක් වශයෙන් ජීවත්වීමේදී අනවශ්‍ය දුෂ්කරතාවලට මූණදීමට සිදුවිය හැක, මෙළෙස අන්‍ය වූ දරුවෙක් හදා වඩා ගැනිමේදී පිළිපැදිය යුතු බොහෝ කරුණු මෙන්ම යහපත් මානසික තත්වයක් යටතේ පවුල් දිවියක් ගත කිරීමටද අවශ්‍ය බොහෝ මනෝවිද්‍යාත්මක කරුණු ඉතා සරල බසින් මෙම ග්‍රන්ථයේ අඩංගු වේ.
මනෝ වෛද්‍ය සරත් ප~ුවාවල මහතා විසින් රචිත මෙම කෘතිය අනුන්ගේ දරුවන් නිත්‍යානුකූලව හදා වඩාගන්නා දෙමව්පියන්ට අතිශයෙන්ම වැදගත් මෙවලමක් මෙන්ම මග පෙන්වන ආලෝකයක් ලෙසද සදහන් කළ හැක.



