1 ශ්‍රේණිය ගණිත විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය කර ඇති මෙම පොතේ ගණිතය එකතු කිරීමේ සහ අඩුකිරීමේ ක්‍රියාකාරකම් ගණනාවක් ඇතුළත් වී ඇති බැවින් 1 ශ්‍රේණියේ දරුවන්ට මහත් අත්වැලක් වනු ඇත.
කතෘ පිළිබඳ විස්තර: ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබනවිට බප/පිළි/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.

