පරිවර්තනය: රෝහණ කලුආරච්චි
සම්භාව්‍ය රුසියානු සාහිත්‍යයේ මනහර රසයන් ‘බයන්’ තුළින් නූතනත්වය හා මුහුකෙරෙන අතර එය ප්‍රමුඛ රුසියානු කෘතීන් අතර අද්විතීය ස්ථානයක් හිමිකර ගනී.
උණුසුම් යුක්රේන ගිම්හාන කාලයේ ආරම්භවන සිසිර ගීතය, සැඟවුණු ගැඹුරු පණිවිඩයකින් අවසන් වේ. එය පාරම්පරික තත් භාණ්ඩයක් වාදනය කිරීමෙන් සැනසීම ලබන, තම යුගයේ අකරතැබ්බයන්ට මුහුණ දුන් ඝන රැවුල වැවුණු අපූර්ව මිනිසෙකුගේ කතාවක් පමණක් නොව, ජීවිතය පිළිබඳ වර්ණනාවක් සහ මහළු වීම පිළිබඳ ප්‍රීති සැමරුමකි.
වෙනස්වන කාලයන් සහ දේශපාලන මතවාදයන් වල බලපෑම හමුවේ වුව එය ඔබ සුරක්ෂිත කරනු ඇත. විප්ලවයන් හෝ ජනරජයන් වෙනස් වීම වුවත්, ජීවන ගීතය නොනවතින බව සිසිර ගීතය ඒත්තු ගැන්වීමට සමත් වේ.


