පුරා වර්ෂ 40 ක් විශිෂ්ට විද්‍යා ගුරුවරයෙකු හා විද්‍යා ලේඛකයෙකු ලෙස කටයුතු කරන කේ. විජයතිලක ශූරීන්ගේ මෙම ග්‍රන්ථය දරු දැරියන්ට වාර විභාග වලට සහ සා.පෙළ විභාගයට සීග්‍ර පුනරීක්ෂණය සඳහා මහඟු අත්වැලකි. දරු දැරියන්ට පමණක් නොව ගුරුවර ගුරුවරියන්ටද මෙයින් විපුල ප්‍රයෝජනයක් ගත හැකිය.
තමන්ටම ආවේණික සරල සුගම ශෛලියකින් ඉගැන්වීමේ යෙදී සිටින්නා වූද, ග්‍රන්ථකරණ කරන්නා වූද කේ. විජයතිලක මහතා විද්‍යා හා තාක්ෂණ ප්‍රවර්ධන පදනමේ සංවිධායකද වන්නේය. මහා බ්‍රිතාන්‍යයේ රාජකීය ආයතනයේ පූර්ණ සාමාජිකයෙකු ද වන (MRI) කේ. විජයතිලක ලේඛන කලාවට හා ගුරු වෘත්තියට කැපවී සිටින අයෙකි.
