ජනයි ප්‍රියයි රසකතා – Janai Priyai Rasa Katha

රු900.00

“ආයාසයකින් තොරව සිනහව, සිනහවත් සතු දෙදෙනෙක්” ප්‍රවීණ චිත්‍රපට/ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්

“උන් දෙදෙනා, සිනහවට සිනහ නොවූ ‘සිනහවන්තයෝය’” ප්‍රවීණ සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

“තමන් විසින්ම කිතිකවා නොගෙන පියුරි ලියුරි ද නොවී ක්ෂණයකින් මට ඉහළම නිර්මාණාත්මක හාස්‍ය රසයක් ලබා දෙන සමාජ මාධ්‍ය නාලිකාව ‘ජනයි ප්‍රියයි’” ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ

“කණස්සල්ලෙන් පිරි ලෝකයකට සිනහව ගෙන ආවාට ස්තූතියි ඔබට ජනයි ප්‍රියයි” ප්‍රවීණ සාහිත්‍යවේදී / ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහ

“මෙහි ඇත්තේ හාස්‍ය රසය පමණක්ම නොවේ.. ජීවිතය ගැන සිතන්නට කරන පෙළඹවීම්ද වේ…” ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල

“සමහරවිට අපිව හිනැස්සුවාට උනුත් අඬලා ඇති..” නීතිඥ ඩිල්ෂාන් පතිරත්න

අපටද අපවම පෙන්වා – මටමම මගේම සිනහව නංවා උඹලා පෙම් බැන්දා – අනේ මන්දා උඹලා ජනයි ප්‍රියයි තමයි බං උඹලා ප්‍රවීණ රංගන ශිල්පී – ජගත් චමිල

“මගේ ටෙලිෆෝන් එක සිරිතක් විදිහට දැන් මට පෙන්නනවා ‘ජනයි ප්‍රියයි’ වීඩියෝවක්. මමත් පුරුද්දක් විදිහට දවසකට තුන් හතර පාරක් ඒවා නරඹන්න පුරුදු වෙලා තියෙනවා. මං විඩාවට පත්වෙලා තියෙන වෙලාවට මාර වින්දනයක් ලබනවා ඒවා නැරඹීමෙන්..” ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම

හාස්‍යය නමැති කැඩපත සමාජය ඉදිරියේ තබා , තමන් ද ඒ කැඩපත ඉදිරියේ සිට සමාජය සමග සිනාසෙන මේ ජනප්‍රිය නිර්මාණශීලීන් දෙපළ ස්වකීය ප්‍රකාශන කාර්යය තුළ සීග්‍ර ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින සැටි මම සාභිමානයෙන් බලා සිටිමි. ප්‍රවීණ චිත්‍රපට / ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ..

Availability: 17 in stock

Quantity
Please login

Availability: 17 in stock

SKU: 12320003-1 Category: Brand:
Shopping Cart
Scroll to Top