“මතු දිනෙක ලස්සන දියමන්තියක් වෙන්නේ අධික උණුසුම සහ දැඩි පීඩනය යටතේ කාලයක් පුරා වෙනස් වෙන කැත ගල් අඟුරු කුට්ටියකි.”
ජීවිතයේ ඔබ නියැලෙන ඕනෑම ක්ෂේත්රයක තරගයේ වීරයෙක් වෙන්න බලපාන සියළු ක්‍රම සහ විධි එකින් එක හෙළිකරන ප්‍රබල උපක්‍රම වට්ටෝරුවක් වශයෙන් මෙම අගනා කෘතිය හැඳින්විය හැකිය. YES I CAN නම් ජනප්‍රිය ධනාත්මක චින්තන මන්ත්‍රයෙන් පමණක් සෑහීමට පත්නොවී, ජීවිතය දිනන්න මග පෙන්වන ක්‍රම, විධි සහ සංකල්ප එකතුවක් කියවීමට ප්‍රිය උපදවන කතා ශෛලියකින් මෙහි අන්තර්ගත කර තිබේ.
පාසල් ශිෂ්‍යයාගේ සිට විධායක ජනපති දක්වා වූ ඕනෑම කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න සමත් තරගයේ වීරයා කෘතිය එක හුස්මට කියවා සැනසෙන්නන්ට නොව, අවබෝධයෙන් කියවා ජීවිතය වෙනස් කර ගන්න හිතන හැමෝටම සුදුසුයි.




