එයා තමයි රැජින!
නුවන් ඉෂාර මහගමගේ
ක්ලියෝපැට්රා භාෂා අංශයට ඇතුළු උණා. එයාට දැනුණා පැපිරස් කොළවල සුවඳ, නිල් මල්වල සුවඳ. භාෂා තුනකින් කැටයම් කර තිබුණු ගල් කුළුණක් ළඟ එයා නැවතුණා.
“අහ්! මෙන්න ඉන්නවා අපේ වැඩකාරිගේ ළමයි.”
ක්ලියෝපැට්රා පොඩි කාලෙ ඉඳන් ම අමුතුයි ලු. එයාට පාරාවෝගේ දුව, එහෙමත් නැතිනම් දොළොස්වැනි ටොලමිගේ දුව කියල කියනවාට වඩා කැමති උණේ එයාව ක්ලියෝපැට්රා කියල කියනවාට.
