සැඬ සුළඟ දරන්නට නොහැකි තැන රුවලට
මග කියපු තරු කැළත් පැන ගියපු රැයකට
සයුර මැද මාලිමා කටු කැඩුණු නැවකට
ප්‍රේමයකි, ප්රදීපාගාරයක එළි වැට
“කවියා සිය වේදිකාව කාලානුරූපීව සකසා ගනියි. සෙල් මතුපිටින්, සීගිරි කැටපත් පවුරින්, පුස්කොළ මතින්, පුවත්පත් පිටුවෙන්, පොතින් මතු නොව වත්මනෙහි අන්තර්ජාල වේදිකාවෙන් කවියා සිය කවි ලෝකයට ප්රදානය කරයි. අප අවසන දැක්වූ ප්‍රවණතාව විශේෂිත ය. සමාජ රසික පිරිවරක ප්‍රතිචාර සමඟ අන්තර්ජාල වේදිකාව සක්‍රිය වෙයි. ශෂික සඳීප් කවියා එසේය. ඔහුගේ කවි, ගීත ඇසුරේ බොහෝ දෙනා සිටිනු පෙනෙයි. ඒ නිර්මාණකරුවෙකු ලබන මහත් වාසනාවන්ත තත්ත්වයකි. ඔහු අද මේ නිදහස් අවකාශයෙන් ‘ග්‍රන්ථය’ නමැති බරැති සංස්කෘතික අවකාශයට පිවිසෙයි. ශෂික සඳීප්ගේ කාව්‍ය රචනා, නව රසික පර්ෂද ඇසුර ලබනු ඇති. අපගේ සහෝදරත්වයේ පැතුමද එයයි.”
– මානනීය ලේඛක, කිවියර නන්ද ප්‍රසාද් මස්බුල



