කඳුළු කුණාටුව – Kandulu Kunatuwa

රු1,300.00

සමන්තා නිකමට මෙන් කැඩපත ගෙන කම්මුල පිරික්සුවාය. මේ කම්මුල් දැන් ඔහුගේ පහරවල්වලට හොඳින් හුරුය. තමා ප්‍රේම කළ හීන කුමාරයා මොහු නොවේ. තමාට දැන් අවශ්‍ය තමා හීන ලෝකයට ගෙන යන හැඩිදැඩි කඩවසම් පෙම්වතෙකු නොව, තම දරුවන්ගේ වගකීම් කරට ගනිමින්, තමාත් සමඟ ජීවිතයේ දුක සැප බෙදාගන්නා ආදරණීය ස්වාමි පුරුෂයෙක්ය යන ඇත්ත සමන්තා තේරුම් ගනිමින් සිටියාය. ගැහැනිය කවර කරුණක් ගැන වුවද බොහෝ විට යුක්තිය විසඳන්නේ සිය හදවතට නැගෙන විදියට මිස මනසින් කෙරෙන විග්‍රහයක් අනුව නොවේ. ඈ අතින් කෙරෙන බොහොමයක් වැරදිවලට හේතුව එයම වේ. සමන්තා ද තීරණ ගන්නේ හදවතින්නි. හදවතට එකඟ වූ සෑම අවස්ථාවකම ඇයට හිමි වූයේ පරාජයයි.

“ඔය කිව්ව කේන්තිය නිවුණාම බඩගිනි දැනුණාම ආපහු මෙතෙන්ටම එනවා… එයාට හයියක් කොහෙන්ද ගිහින් මහතුන්ගෙන් සල්ලි ඉල්ලන්ඩ….” සමන්තා තමාට කියා ගත්තාය. වේදනාවටත් වඩා කාංචනා ගැන ඇතිවූ ඊර්ෂ්‍යාවකින්ද ඇගේ හදවත පෙළුණි.

Out of stock

Out of stock

SKU: 11636303-2 Category:
Shopping Cart
Scroll to Top