මරකත නිම්නය – Marakatha Nimnaya

රු1,850.00

රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර් අතුරුදන්ය. හර්මීස් නමින් තමන්ව හඳුන්වාගන්නා සාහසික අපරාධකරුවන් විසින් ඔහුව පැහැරගෙන යන ලදුව ඇත. ක්‍රිස්ගේ සමීපතමයන් වන රේචල්, ඩේවිඩ් සහ මැතිව්ට ඔහුව සොයා යාමට ඇති හෝඩුවා සීමිතය. නමුදු ඒ හෝඩුවා යොමුවන්නේ රිවර්හිල් කඳුකරය වෙතයි. යක්ෂයන්ගෙන් යක්ෂයාගේ වාසභවනය ඇත්තේ මේ කඳුකරයේද?

සත්‍ය සොයාගෙන ක්‍රිස්ගේ දිවි ගලවාගැනීමට නම් ඔවුන් වනාන්තරය හරහා කඳුකරයට සෙවීමේ මෙහෙයුමක් දියත් කළ යුතුය. ඒ සඳහා ගවේෂක කණ්ඩායමක් ඔවුන්ට ඇවැසිය.

සිසිරය ළඟ ළඟම පැමිණේ. කඳුකරය කටුකය. වනාන්තරය ගුප්තය. අධිස්වභාවික බලවේග මේ ගමනේදී ඔවුන් වටා දැවටේ. නමුත් එහි සැඟවීගිය සැබෑ භීෂණය ඔවුන් සැමගේ පරිකල්පන සීමාවන් අතික්‍රමණය කිරීමට සමත් වේ.

මිත්‍යාව සහ යථාර්ථය අතර සීමාව බොඳ වූ ගමනක අවසානයේ අතීතය සහ වර්තමානය හමු වේ. මේ මරකත පරීක්ෂණයේ අවසානයයි.

Out of stock

Out of stock

SKU: 11513996-1 Category: Tag: Brand:
Shopping Cart
Scroll to Top