මූලික සංකල්ප ගණනය කිරීම (ගැටලු විසඳුම්)
උසස් පෙළ විද්‍යා-ගණිත අංශවලින් අධ්‍යාපනය හදාරන සිසුන්ට රසායන විද්‍යාව විෂය තුළ ගණිත ගැටලු අවස්ථා කීපයක දී මුණගැසෙයි. ඉන් ගැඹුරුම අංශය 12 සහ 13 ඒකක වලදී මුණගැසෙන භෞතික රසායන විද්‍යාව (Physical Chemistry) කොටසයි. ඒ සඳහා පෙරහුරුවක් ලැබෙනුයේ 3 වන ඒකකයේ දී ඉගෙන ගන්නා රසායනික ගණනය පාඩමෙනි. මවුල සම්බන්ධ අභ්‍යාස, අනුමාපනය, සහ ප්‍රතික්‍රියා ගණනයෝ වැනි මාතෘකාවලදී ගැටළුවට පිවිසෙන අයුරු සහ පෙළින් පෙළට පිළිතුර වෙත සිසුවා යා යුතු ආකාරය අපූර්ව ලෙස කතෘ විසින් මෙම මූලික රසායන විද්‍යා ගැටළු අත්පොත මගින් පෙන්වා දී ඇත.
වසර 35 කට අධික කාලයක් තිස්සේ උසස්පෙළ ඉගැන්වීම් කරන ආරියදාස බියන්විල ගුරු භවතා සිසුන්ගේ දුර්වලතා මනාව අවබෝධ කර ඇති බව ඔහුගේ පූර්ව කෘතිවලින් ද පෙන්වා ඇත. “ඔහුගේ මෙහෙවර තවදුරටත් ගෙන යාමට ශක්තිය ලැබේවායි” මා ඉත සිතින් ප්‍රාර්ථනය කරමි.
මෙයට, විජය ලක්ෂ්මන් පෑලැන්ඩෑගේ (කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු උසස්පෙළ රසායන විද්‍යා ආචාර්ය සහ පිළිතුරු පත්‍ර ඇගයීම් උපදේශක)

