Sale!

ශාස්ත්‍රීය අභියෝග සහ පරිකල්පන – Shastriiya abhiyoga saha parikalpana

Original price was: රු360.00.Current price is: රු288.00.

ආචාර්ය ගැමුණු සිරි ගමගේ

ආචාර්ය ගැමුණු සිරි ගමගේ මහතා දීර්ඝ කාලයක් අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කළ විද්වතෙකි. අසාමාන්‍ය ලෙස ඥාන පිපාසාවෙන් යුත් ගවේෂකයෙකු ලෙස ඔහු හඳුන්වා දිය හැක්කේ තමන් අසන දකින කියවන දේ ඒ අයුරින් ම භාර නොගෙන ඒ සියලු දේ පිළිබඳ ව විචාරාක්ෂියෙන් සලකා බැලීමට ඔහු නිබද්ධවම යොමු වී ඇති බැවිනි. එසේ තමන් තුළ ජනිත වූ විචාරාත්මක අදහස් ආචාර්ය ගමගේ මහතා විටින් විට පුවත්පල හා සඟරාවල පළකොට තිබේ. ඒ ආකාරයට තැනින් තැන පළ වී ඇති ලිපි හා තවත් පළ නොවූ ලිපි සමුදායක් එක්කොට පාඨකයින් අතට පත් කිරීමට මෙම ග්‍රන්ථයේ සංස්කාරකයින් ගත් ප්‍රයත්නය අගය කළ හැකිය.

ආචාර්ය ගමගේ අපේ සංස්කෘතියෙහි විවිධාංගත් බුදු සමය හා සිංහල භාෂාවත් පලකරන අදහස්වල ගතානුගතික චින්තනයෙන් ඔබ්බට ගොස් අලුතින් සිතන්නට ගත් වෑයම විශද වේ. විශේෂයෙන් සිංහල භාෂාවෙහි ප්‍රභවය පිළිබඳ ව මෙහි දැක්වෙන අදහස් විද්වතුන්ගේ විමර්ශනයට ලක් විය යුතුය. එබඳු සාකච්ඡා මගින් භාෂා ශාස්ත්‍ර ඥානය ප්‍රසාරණය වනු ඇත.

ආචාර්ය ගමගේ මහතාගේ මේ විවාදාපන්න ලිපි සංග්‍රහයෙහි තවත් වැදගත් අංශයක් වන්නේ අප ශාස්ත්‍රීය සම්ප්‍රදාය හා පැවිදි ගිහි විද්වතුන්ගේ අප්‍රකට තොරතුරු ඇතුළත් කරමින් එතුමා සම්පාදනය කර ඇති විමර්ශන කිහිපයයි. මෙහි අන්තර්ගත සිංහල හා ඉංග්‍රීසි කාව්‍ය රචනා ද අගය කළ යුතු වේ. සමස්තයක් වශයෙන් මෙම ලිපිවල ඇති ප්‍රාමාණික අගය අනුව අපේ ශාස්ත්‍රීය සම්ප්‍රදායට මින් සිදු වන සම්ප්‍රදානය විද්වතුන්ගේ ඇගයුමට ලක් වේවායි පතමි.

මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස සිංහල විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ.

Availability: 16 in stock

Quantity
Please login

Availability: 16 in stock

SKU: 10790371-2 Category: Brand:
Shopping Cart
Scroll to Top