ඉංග්‍රීසි භාවිතයේදී බොහෝ දෙනෙකුට ගැටලු සහගත විය හැකි කර්මකාරක (Passive Voice) පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් මෙම පොත තුළින් සිදුවේ. කර්මකාරක වාක්‍යවල නොයෙකුත් පැතිකඩ ඉතා පැහැදිලිව විස්තරාත්මකව නිදසුන් සහිතව උගන්වන නිසා මෙම පොත නිසි ලෙස අධ්‍යයනය කිරීමෙන් කර්මකාරක වාක්‍ය පිළිබඳ බොහෝ ගැටලු නිරාකරණය කරගෙන එම වාක්‍ය පිළිබඳව නිපුණත්වයක් ලැබීමට ද මෙම පොත උපකාරී වනු ඇත.
ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය අවම කෙරෙන, සිංහල අකුරු කියවිය හැකි පාසල් සිසුන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම කෙනෙකුට පහසුවෙන් කියවා අවබෝධ කරගත හැකි ලෙස ඉතා සරල සිංහලෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ පැහැදිලි කෙරෙන මෙම පොත් පෙළ ඉතා සරල වුවද සාමාන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට වුවද ඉතා ප්‍රයෝජනවත් අත්වැලකි.


