Sale!

මා බාලේ – Ma baale

Original price was: රු750.00.Current price is: රු600.00.

ගෙදරට එනකොට හැමෝම ඉස්තෝප්පුවට වෙලා මහා පුදුමයක් වෙලා වගේ මගේ දිහා බලාගෙන හිටියා. “කොහේද ගියේ?” පත්තරේ බල බල හාන්සි පුටුවට වෙලා හිටිය තාත්තා ඇහුවා.

“කොහේවත් ගියේ නෑ,” කියලා මම අමාරුවෙන් කිව්වා. අඬන නාඬන බේරි වුණ මූණක් ඒ ගොල්ලෝ මගෙන් දකින්න ඇති. ඔක්කොම හයියෙන් හිනා වුණා.

“පන්මිණි ඇවිත් කියලා ගියා, ඔයා යාලුවෝ කට්ටියක් එක්ක පන්වත්තේද කොහේද ගිහින් සිල් මුදවන්නවත් පන්සලේ හිටියේ නැහැ කියලා”. ඔසරියක් ඇඳගෙන කොණ්ඩෙ පීර පීර මාව හොයන්න යන්න ලෑස්ති වෙවී හිටිය අම්මා කිව්වා. මට කට උත්තර නැති වුණා.

Availability: 8 in stock

Quantity
Please login

Availability: 8 in stock

SKU: 11644679-1 Category: Brand:
Shopping Cart
Scroll to Top