ගණිතය – ගුණ කිරීම හා බෙදීම වැඩ පොත (4 ශ්‍රේණිය)
3 ශ්‍රේණියේ දී ඉගෙන ගත් ගුණන වගු ඇසුරෙන් විවිධ පුනරීක්ෂණ අභ්‍යාස මෙහි ඇතුළත් වන අතර 4 ශ්‍රේණියේ දී හඳුන්වා දෙන තුනේ, හතරේ ගුණන වගු ආශ්‍රිත ගැටලුද දෙකෙන්, තුනෙන් හා හතරෙන් බෙදීමට අදාළ අමතර අභ්‍යාස ගණනාවක් ද ඇතුළත් ය.
ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබන විට බප/ පිලි/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.

