‘හෙළයේ මහා ඉසි’ යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාස, ළමා සාහිත්‍යයේ අද්විතීය නිර්මාණකරුවා මෙන්ම ආදරණීය ළමා කතා රචකයා ද වෙයි. ළමා ලෝකය අමන්දානන්දයට පත්කළ හත්පණ, මඟුල් කෑම, හීන් සැරය කෘති ඊට කදිම නිදසුන්ය.
කුමාරතුංගයන්ගේ පූර්ණ අනුමැතියෙන් ගුණසේන සමාගම විසින් අඩසියවසක් තිස්සේ එළි දැක් වූ මේ කෘති භාෂාවේ කිසිදු වෙනසක් සිදු නො කොට, කාලීන අවශ්‍යතාවය අනුව පියල් උදය සමරවීරයන්ගේ නිර්මාණාත්මක කළු සුදු සිතුවමින් හැඩ ගන්වා මෙසේ ඔබ අතට පත් කරමු.


